සිත්තම් කලා තුලින් උරුමයන් මැවු ඓතිහාසික පින්බිමකි ගම්පහ දිසාවේ පිළිකුත්තුව පුදබිම ….

ගම්පහ දිස්ත්‍රික්කයේ මහර ප්‍රා.ලේ.කොට්ඨාසයේ ඌරුවල් පේරුව හා අවට පේරු ඓතිහාසික අතින් වැදගත් සන්ධිස්ථානයන් දායාද කල ප්‍රදේශයකි. අක්කර දහස් ගනනක වඩා උස් නොවු අලංකාර කදු යායකි. එම කදු යාය පුරා අතීතයේ වැඩ සිටි යෝගාවචරයන් වහන්සේලාට බවුන් වඩන්නට අපේ රජ දරුවන් පූජා කෙරු ගල්ලෙන් රාශියකි. මෙම කදු යාය මහා රහතන් වහන්සේලාගේ පුණ්‍ය පාද ස්පර්ශයෙන් පවිත්‍රවූ භූමියකි. මෙම ගල්ගුහා ක්‍රි.පූ 3 -1 කාලවලදී කටාරම් කොටා පූජා කල බව දැක්වෙන සෙල් ලිපිද ගනනාවක්ද හමු වි ඇත. මෙම කටාරම් කොටා පූජා කල ගල්ලෙන් තුල ගල්‍ යුගයේදී ආදී මානවයන් සිටි බවට කර ඇති කැණීම් තුලින් හමු වී ඇති පොශිල කැබලි ගල් අවි ආයුධ සාක්ෂි දරණ බව පුරාවිද්‍යා විශ්ලේෂකයන්ගේ මතයකි.

අක්කර සිය ගනනාවකින් යුතු කදු යායේ තිබු ගල් යුගයෙන් ඇරඹි ගල්ලෙන් වසස්ථාන අද වන විට සුප්‍රසිද්ධ ඓතිහාසික ගල්ලෙන් රජමහා විහාර ගනනාවක් ඇති කිරිමට සමත්ව ඇති බවක් දක්නට ලැබෙයි. එසේ ඇරඹි ඓතිහාසික වාරණ ගල්ලෙන් රජමහා විහාරය , මාලිගාතැන්න විවේක සේනාසන ඓතිහාසික පින්බිම , ඌරුවල වළගම්බා රජමහා විහාරය , කොස්කඳවල ගල්ලෙන් රජමහා විහාරය , ඓතිහාසික පිළිකුත්තුව ගල්ලෙන් රජමහා විහාරය යන පුදබිම් වැදගත් උරුම‍යන් ලොවට දායාද කෙරු පින්බිම් බවටද විද්වත් මතයයි.

මෙම ඓතිහාසික පුදබිම් සියල්ලම අතීතයේ එකම ගල්ලෙන් සංකීර්ණයක් සේ තිබුනා යැයි මතද වෙයි. අනුරාධපුර යුගයෙන් ඇරඹි මෙම ගල්ලෙන් සංකීර්ණය මහනුවර යුගයේ ඇතිවූ සාසන ප්‍රබෝධය නිසාවෙන් විහාරාරාංග ඉදිවෙමින් ගම් දනවු ඉදිවෙමින් පැවති හෙයින් මෙම ගල්ලෙන් රජමහා විහාරයන් වෙන් වෙන් වශයෙන් සංවර්ධනය වූවායැයිද තවත් මතයෙකි…
වෙන් වෙන් වශයෙන් දියුණු වෙමින් තිබෙන මෙම පුදබිම් හා කදු යාය ක්‍රි.ව -1 සියවසේදි වළගම්බා රජ දරුවන්ට සෙවණ සැලසු හා රජු සැගව සිට සේනා සංවිධානය කල බවට පුරාවෘතගත ඉතිහාසයෙන් කියවෙයි. භික්ෂූන් වහන්සේලාගේ ආරක්ෂාව හා උපදෙස් මත නැවත වළගම්බාවන් අනුරපුර රජ බවට පත්ව තමා සිටි ස්ථානවල වෙහෙර විහාර කරවු බවටද කියවෙයි. එ අනුව මෙම පුදබිම්ද වළගම්බාවන් සංවර්ධනය කල බවටද සමහර විද්වතුන්ගේ මතයක්ද වෙයි. මෙම සුප්‍රසිද්ධ රජමහා විහාරයන් උරුමයන් රාශියකින් සපිරි හෙයින් මෙම ආරාමයන් පුරාවිද්‍යා ස්මාරකයන් සේ පත්කොට සංරක්ෂණයට භාරදී ඇත.
චිත්‍ර කලා ලොවට මෙම පුදබිම් දායද කල උරුමයන්ද වෙයි. අනුරාධපුර යුගයට අයත් සිත්තම් කිහිපයක් වාරණ රජමහා විහාරයට අයත් ගල්ලෙනක් තුල දක්නට ලැබෙන අතර එතරම් ඉපැරණි සිත්තම් ගල්ලෙන් සිය ගුණයකින් යුතු ගල්ලෙන් රජමහා විහාරයන් කිහිපයකින් යුතු ලෙන් සංකීර්ණය තුල තවත් දක්නට නොමැති බවද පුදුම සහගත බවටද විද්වතුන් පෙන්වා දෙයි. තවත් සමහරෙක්ගේ මතයකි එක් ලෙනක පමණක් නොව තවත් ලෙන්වල සිත්තම් තිබෙන්නට ඇත කාලයාගේ ඇවැමෙන් සිත්තම් විනාශ වන්නට ඇති බව ඔවුන්ගේ මතයයි.
වාරණ , පිළිකුත්තුව , ඌරුවල , මාලිගාතැන්න ආදි කොට ගත් මෙම පුදබිම් කිහිපයේම දක්නට ඇත්තේ සාම්ප්‍රදායික මහනුවර යුගයේ හා ඊට පසුකාලීන සිත්තම් කාලාවන්‍ ය. මහනුවර ආභාෂයෙන් හා ඊට පසුකාලීනව සිත්තම් කර ඇති චිත්‍ර කලා අතරින් පිළිකුත්තුව රජමහා විහාරයේ ප්‍රධාන ලෙන් විහාරයේ චිත්‍ර සම්ප්‍රදායන් ගනනාවක් ඇති බවට පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව පෙන්වාදෙයි.


පිළිකුත්තුව රජමහා විහාරයේ ප්‍රධාන ලෙන් විහාරය ක්‍රි .පූ යුගයට අයත් කටාරම් කෙටු ගල්ලෙනක් මුල් කරගෙන ඉදිකරවා ඇති අතර ඒ නුවර යුගයේදී බව විශ්වාස කරයි. ලෙන් විහාරයේ ඉදිරියෙන්ම ඇති මාලය (පනේලය) නුවර යුගයට පසුකාලයේදි කරවා ඇති බවට සිත්තම් කලා තුලින් කිව හැකි වන අතර පිළිකුත්තුව පුදබිමේ ලෙන් විහාරයේ සිත්තම් සුවිශේෂී කලාවන් සේ ප්‍රචලිතය.
එතෙක් කලක් පැවති සාම්ප්‍රදායික චිත්‍ර කලාවන් යම් යම් කාල තුලදි විකාශනය වෙමින් දියුණු වූ බවට සාධක ලෙසට විද්වතුන් පිළිකුත්තුවේ සිත්තම් කලාව හදුන්වයි. ලෙන් විහාරය නුවර යුගයට අයත් බවට බිත්ති මත ඇති රහතන් වහන්සේලාගෙ සිත්තම් තුලින් කිව හැකි වුනද විහාරය තුල ඇති බුද්ධ ප්‍රතිමා තුලින් සාම්ප්‍රදායික නුවර ලක්ෂණ අඩු කරවා පිළිම නෙලා ඇත. පිළිම නුවර යුගයට අයත් සේ හැගෙනුයේ සිවුරේ රැලි හා බුද්ධ ශීර්ෂයට උඩින් සිරස් පත දැක්වීමෙනි. නුවර යුගයට අයත් බවට කිව හැකි පොදු වෙනත් ලක්ෂණ බුද්ධ ප්‍රතිමා තුලින් කිව නොහැකිය.

සාම්ප්‍රදායික නුවර යුගයේ ලක්ෂණ ප්‍රතිමා තුලින් ඈත්ව කරවා ඇති ප්‍රතිමා කලාවන් අතරට පිළිකුත්තුව නාමයද අයත් වෙයි. විෂ්ණු දේව ප්‍රතිමාව නෙලා ඇත්තේ භයංකර ලීලාවෙනි. එයද පිළිකුත්තුවේ ප්‍රතිමා කලාවේ සුවිශේෂීත්වයක් ලෙසට හදුන්වනු ලැබෙයි .

භික්ෂූණින් වහන්සේලා නිර්මිත ලක්දිව ඇති එකම බුදුමැදුර පිළිකුත්තුව ලෙන් විහාරය යැයි තවත් මතයකි. සිත්තම් කර ඇති රහත් නොරහත් භික්ෂූණින් සිත්තම්‍ සුවිශේෂී සිත්තම් සේ චිත්‍ර කලාවේදීන් හදුන්වන්නේ එවැනි සිත්තම් බුදුමැදුරක් තුල දක්නට ලැබීම ඉතා දුර්ලභ නිසාවෙනි.

Advertisements

අපට වැරදුනු තැන් හා අපි වරද්ද ගත්ත තැන්…..

ස්වභාව සෞන්දර්ය යනු මිහිපිට දෙව් ලොවක් බවට පත් කරවන ප්‍රධානම සාධකයයි. මනරම් වෘක්ෂ ලතාවෝ , අලංකාර කදු යායවල් හා අහස උසට නිර්මාණය වූ කලු ගල් සේම සිත් සතන් සමලංකෘත කරවා ගත් යෝගාවචරයන් වහන්සේලා බවුන් වැඩු ගල් ගුහා වාසස්ථානයන්ද ස්වභාව සෞන්දර්ය අලංකාර කරවන්නට දායකත්වයන් ලබා දී ඇත.

එම සියල්ලේම විනාශය තාක්ෂණික යුගයේ ලාංකික මිනිසා , දේශපාලනය හා බලධාරීන් වගකිව යුත්තෝ වන්නේ අද ස්වභාව සෞන්දර්ය හා උරුම‍යන් සීඝ්‍රයෙන් විනාශ වීම සම්බන්ධයෙන් ඔවුන් ගෙන ඇති තීන්දු තීරණ මතය. ස්වයං විවේචනයට ඉඩ ඇරේවා….

අක්කර දහස් ගනණාවක වන භූමි ප්‍රමාණයන් හා කදු යායවල් , ගල් පර්වත ආදීයෙන් අනූන වූ රටකී මේ ලක්දිව. එම රමණීය රටේ අසිරිය ලිඛිත සාහිත්‍යයෙන් සේම දේශාටන වාර්තා තුලින් හා පුරාවෘත ඉතිහාසයේන්ද කියවෙන්නේ ය. එසේ තිබු විශාල වනයන් තුල ඇති උරුම‍යන් අතර ගල් ගුහා ප්‍රධාන වන්නේ ආදීම යුගයේ මානව ජනාවාසයන්‍ එම ගුහා නිසාවෙනි. ඔවුන් ස්වභාව සෞන්දර්ය හා ඇලී බැදි වාසය කලෝය. ආදීතම මිනිසුන් කෙමෙන් කෙමෙන් දියුණු වෙමින් ගල් ගුහා අතහැර වාසස්ථානය නිර්මාණයට සම්බන්ධ වූවාය. එම ගල් ගුහාවලින් ඔවුන් ඉවත් විය. ලෝකය දියුණු වෙමින් ආගම් දර්ශන ඇති වෙමින් මිනිසා බුද්ධියෙන්ද කෙමෙන් කෙමෙන් දියුණු විය.

පසු කාලීනව කෙමෙන් කෙමෙන් ඉඩම් කැබලි බවට පත්ව ගම් නියම් ගම් ඇති වෙමින් වර්ථමාන තත්ත්වයට පැමිනි බව සාමාන්‍ය අර්ථ කථනයයි.

එම කාරණය ගැඹුරින් අර්ථ කථනය වන්නේ මෙසෙය. යටත් විජිතවාදීන් විසින් අපේ උරුම‍යන් අපටම කියා විනාශ කරවීමක් අයුරිනි. පෘතුග්‍රීසි , ලන්දේසි , ඉංග්‍රීසි නම් පරදේසක්කරයන් විසින් අපේ ඉඩම් කොල්ලකමින් අපේ පොලොවේ සාරය උකහා ගනිමින් සිය රටවල් සංවර්ධනය කරගත් බව ඉතිහාසය පෙන්වාදෙයි. පර සුද්දන්ට සිය අණසක එසේම තබා ගැනීමට හා රිසිසේ පාලනය කිරිමට එම කාලවල් තුල වැඩ සිටිය භික්ෂූන්ගෙන් නොලැබීම නිසාම පරදේසක්කරයන් විසින් වෙහෙර විහාරස්ථාන සදහා දඩ මුදල් , දානේ පිලිගන්වනවාට දඩ මුදල් , අඩුම තරමින් වන්දනාමාන සදහා පන්සල් යන වුන්ගෙන් පවා දඩ එකතු කරමින් බලාපොරොත්තු වූයේ පරදේසක්කරයන්ට විරුද්ධව පන්සල් තුලින් කැරලිකරුවන් බිහිවෙන්නට පටන් ගෙන තිබු නිසාවෙනි. එ සදහා පර සුද්දන් විසින් කසාවතට වෛර කරන්නට විය. භික්ෂූන්ව මර්දනය කරන්නට හා පන්සල් තුලින් නිර්මාණය වෙමින් පැවති විරුද්ධවාදීන්ව මෙල්ල කරන්නට ඔවුන් විහාරස්ථානයට අයත් ඉඩම් සීමා කරන්නට ඔප්පු නම් කඩදාසි කැබැල්ලක් අවශ්‍ය බව පෙන්වමින් සග සතු දේපල සීමා කලේ පරදේසක්කරයන්ගේ කටු ලෙව කෑ අපේ කලු සුද්දන්ගේද ආධාරයෙනි. පන්සල හා හෙලයේ කැරලිකරුවන්ව එසේ පාලනය නොකල හැකි බව දත් ඉංග්‍රීසින් විසින් පුරාවිද්‍යා පනතක් හැටියට අවු 100 එහා ඉතිහාසයකින් යුතු දේවල් පුරාවිද්‍යාවට අයත් වන සේ නීතිය තද ක්ලේය. එම නීතිය අදටත් එසේමය. ඉංග්‍රීසින්ගේ මෙම ක්‍රම නිසා අක්කර සිය දහස් ගනණාවක් සග සතුකොට පූජා කෙරු භූමියෙන් ඉතා අඩු කොටසක් පන්සලට සීමා විය. ඉංග්‍රීසින්ගේන් නිදහස් වූ පසු එසේ ආණ්ඩුවට ගත් සමහර ඉඩම් සුද්දන්ගේ පස්ස සේදු උන්ට පවරා ඇති බවටද සාක්ෂි ලක්දිව පුරා ඇති ගල්ලෙන් සංකීර්ණයන් අවට දිහා බැලු විට දැක ගත හැකි වන්නේ එහි දැන් අයිතිකරුවන් වි සිටින ඔවුන්ගේ මුතුන් මිත්තන් ලංකාවට ද්‍රෝහීව සුද්දන්ට කත් ඇද්ද වූවන්ගේ නාමයන් අතරට අයත් වන බවට දන්නෝ දනිති.

අතීතයේ භික්ෂුන් වහන්සේලා බවුන් වඩා මග ඵල ලැබු ගල්ගුහාවන් අද අයිති වන්නේ ශ්‍රි ලංකාවේ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවටය. එම නීතීය ස්ථාපිත කලේ ඉංග්‍රීසින් විසින් සිය අභිමතාර්ථ ඉෂ්ට කර ගැනීමට බව නූතන උගතුන්ගේ එක් මතයකි. සුද්දන්ට කත් අදිමින් ලංකාව අස්තාවර කරවමින් සිටි හා එම පරම්පරාවෙන් එන උදවියගේ මතය වන්නේ අපේ ඉඩම්වල තිබු ගල්ගුහා මහා සංඝ රත්නයට අපි පූජා කර තිබෙන්නේ බවකි. එසේ නොමැතිව ගල්ලෙන් ඇති සග සතු ඉඩම් ගිහියන් කොල්ල කා ඇති බවක් නොවේය. එහි යතාර්ථය දන්නෝද නැත්තේම නොවන බවට මතකේ තිබිය යුතුයි. ඒ ආකාරයේ වැරදි අර්ථ කථන ගල්ලෙන් ඇති භුමිවල ගෙවල් දොරවල් සාදා ගෙන වාසය කරන උදවියගේ මතයක් බවට පොත් තුලින්ද අප දැක ඇත. පෙර රජ දරුවන් සග සතු කොට පිදු වනගත කදු යායකින් යුතු වූ භුමි ගිහියන්ට අයිති වාසිකම් කීම සරි නොවන බවට සාදක සේ බලු කපුටු ආදින්ගේ චිත්‍රයන් තුලින් එහි ආදීනව පෙන්වා ඇති බවට අනුරාධපුර ඇට සැට ලෙන් වල හා මාලිගාතැන්න විවෙක සේනාසන පුදබිමේ ඇති ගලේ කෙටු බලු කපුටු සිත්තම් කියා පාන්නේය.

අතීත භික්ෂු වාසස්ථාන වූ ගල්ලෙන් අද පුරාවිද්‍යා ප්‍රදර්ශන භාණ්ඩ ගණයට පත් වි ඇත්තේ ඉපැරණි ගල්ලෙනක භික්ෂුවක් අද වැඩ සිටින්නේ නම් ඒ බව පුරාවිද්‍යාවට දැනුවත් කර සිටිය යුතු නිසාවෙනි.

ලෙන් සංකීර්ණයන් අවට ලක්දිව පුරාම වාගේ දක්නට ලැබෙන ප්‍රශ්නයන් පෙන්වා දීම පමණක් බව මෙම ලිපිය පරමාර්ථය වන්නේය.

මිනිස් ජනගහනයේ වර්ධනයත් සමගම කාලානුරූපීව සුවිශාල කදු යායවල් කැලෑවන් හා එ අවට තිබු ගල් ගුහා පරිශ්‍රයන් සීඝ්‍රයෙන් පරිහානියට යෑමට උදාහරණ ලෙසට අම්පාර දිස්ත්‍රික්කයට අයත් රජගල ගල්ලෙන් සංකීර්ණය අද වනවිට සීඝ්‍රයෙන් කැලෑවන් කප්පාදු වෙමින් ජනාකීර්ණ වෙමින් පවති. තවද කූරගල ගල්ලෙන් සංකීර්ණය නම් මහරහතන් වහන්සේලා වැඩ සිටි ස්ථානයකි එහෙත් අද එම ප්‍රදේශය මුස්ලිම් ජාතිකයන් පිරිසකගේ වාසස්ථානයන්ය. පුරාවිද්‍යා පනතේ හැටියට නම් ගල් ලෙන් තුල යම් ඉදිකිරීමක් කරන්නේ නම් පුරාවිද්‍යා කොමසාරිස්වරයාගේ අනුමැතිය ඒ සදහා තිබිය යුතුය. එසේ නොමැති නම් එය පුරාවිද්‍යා නීතිය උල්ලංඝනයක් සේ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් පුරාවිද්‍යා ස්ථානයන් තුල ප්‍රදර්ශනය කරවා ඇති පුවරුවල දැක්වෙයි. එසේ නම් කූරගල ගල්ලෙන් තුල මුස්ලිම් ජාතිකයන් සිය වාසස්ථානය ඉදිකර ඇත්තේ පුරාවිද්‍යා කොමසාරිස්වරයාගේ අනුමැතිය ඇතිවද එසේ අනුමැතිය ලබා නොමැතිව ඉදිකර ඇත්නම් එය වරදක් නොවන්නේද??? පාරිසරික පරිහානිය තවත් සාධකයක් ලෙසට විල්පත්තුව අභය භූමිය සීඝ්‍රයෙන් ජනාකීර්ණ වෙමින් පවතින්නේය. එසේම සිතුල් පව්ව , පාහියන්ගල , බලංගොඩ , රාස්සගල ආදී පුරාවිද්‍යා ස්ථානයන් හා කදු යායවල් කැලෑ හා අභය භූමී සීඝ්‍රයෙන් විනාශ වෙමින් පැවතීම අද සමාජයේ සුලබව දක්නට ලැබෙන බව නිරන්තරයෙන් ශ්‍රව්‍ය හා දෘශ්‍ය මාධ්‍ය තුල කියවෙයි. කෝ රටේ ප්‍රධාන නීතීය , කෝ වන සංරක්ෂණය නීතිය , කෝ පුරාවිද්‍යා නීතිය , ඒ සියලූම නීතී චක්‍ර ලේඛනවලට නීති පොත්පත්වලට පමණක් සීමා කරමින් අදාල බලධාරීන් මත්සය න්‍යායෙන් අනුග්‍රහ කරන්නේ ස්වාභාවික පරිසරයේ විනාශයට ඔවුන් වග කිවයුත්තෝ බවද අමතක කරවමිනි.

බුදුමැදුරක් තුල භික්ෂූනි සිත්තම් ඇති ලංකාවේ එකම බුදුමැදුර පිළිකුත්තුව පුදබිමේය.

     බස්නාහිර පලාතේ මහර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පිහිටි ප්‍රාග් ඓතිහාසික පුරාවිද්‍යා ස්ථානයකි ඓතිහාසික පිළිකුත්තුව ගල්ලෙන් රජමහා විහාරය. බස්නාහිර පලාතේ පිහිටි විශාලතම ගල්ලෙන් සංකීර්ණය වන්නේද මෙම පුදබිමයි.  ප්‍රාග් ඓතිහාසික ඉතිහාසයකට උරුමකම් කියන අති පෞරාණික සිද්ධස්ථානයකි පිළිකුත්තුව ගල්ලෙන් රජමහා විහාරය යනු.  

    මෙම ගල්ලෙන් සංකීර්ණයේ ඇති කටාරම් කෙටු එක් ගල්ලෙනක මහනුවර යුගයේදි බුදුමැදුර ඉදිකරන ලද බව පුරාවිද්‍යාඥයන්ගේ අදහසයි. මෙම ලෙන් විහාරය නුවර යුගයේ චිත්‍රවලින් අනූනය. එම සිතුවම් අතර ඇති භික්ෂූනින් වහන්සේලා නිරුපිත සිත්තම් උරුමයක් වශයෙන් දැක්වීම යුක්ති සහගතය. පුරාවිද්‍යා සටහන් අනුව ලක්දිව ඇති භික්ෂූනින් වහන්සේලා නිරුපිත එකම බුදුමැදුර ලෙසට පිළිකුත්තුව පුදබිමේ ඇති ලෙන් විහාරය සදහන් වෙයි. එම සිත්තම්වල සිටිනා භික්ෂූනින් වහන්සේලා රහත් නොරහත් ලෙසටද සිත්තම් කරවා ඇත. එම චිත්‍ර මහනුවර යුගයේ සිත්තම් කලාව ප්‍රකට කරවයි.. 

පිළිකුත්තුව ගල්ලෙන් රජමහා විහාරය 

පිළිකුත්තුවේ ගල්ලෙන් ගැන යමක්

      ලක්දිව ඇති ඓතිහාසික ගල්ලෙන් නිසාම සුවිශේෂී වු තවත් සොදුරු වනගත පුදබිමකි පිළිකුත්තුව පුදබිම යනු.

      ඈත අතීතයේදී මිනිසුන් ගල් ගුහා සිය වාසස්ථාන කොට ගෙන වාසය කල බවට ගල් යුගය සාක්ෂි දරයි. පාහියන්ගල , බලංගොඩඅනුරපුරය , සිතුල්පව්ව ආදී ස්ථානවල ඉතිහාසයට පෞරාණිකත්වයට ප්‍රබල දායකත්වයක් ගල්ලෙන් සපයන බව ඉතිහාසයේදි අපට පෙන්වා දෙයි. එසේ නම් එවැනිම ඉතිහාසයකට වර්ථමාන ගම්පහ දිසාවේ ඉතිහාසයද දිව යන බව කිව යුතුමය. ගම්පහ නගරයට ආසන්නවම පිහිටි ඓතිහාසික ගල්ලෙන් සංකීර්ණයන් එ ඉතිහාසය කියා පායි.
      අස්ගිරිය , වාරණ , මාලිගාතැන්න , ඌරුවල , කොස්කඳවල , පිළිකුත්තුව යන මෙම පුදබිම් අනුරාධපුර යුගයේ සිට ආගමික මධ්‍යස්ථානයන් වශයෙන් තිබු බවට කටාරම් කෙටු ගල්ලෙන් ප්‍රබල සාධක් මතු කරලයි. ඈත අතීතයේදී මෙම පුදබිම් ආදී මානවයන් වාසය කල ස්ථානයන් වන්නටද ඉඩ ඇති බව කිව යුතුමය. ගල්ලෙන් සංකීර්ණයන් තුල විධිමත්ව කැණිම් සිදු කෙරුන හොත් එ මතය තීරණය කර ගත හැකිය …

       පිළිකුත්තුව ඓතිහාසික ගල්ලෙන් සංකීර්ණය යනු බස්නාහිර පලාතේ පිහිටි විශාලතම ගල්ලෙන් සංකීර්ණයයි

     ගල් යුගයේදී මිනිසා ගෙවල් වශයෙන් භාවිතා කලේ ගල්ගුහාය. ඒවා අවිධිමත්ය එනිසා වැස්සට වුවද ජල තර්ජනවලට මුහුණ දිය යුතුමය. එසේ අවිධිමත්ව තිබු ගල්ගුහා විධිමත් ලෙස වැස්සට වුවද ආරක්ෂිත ස්ථානයක් වන්නේ මහින්දාගමනයෙන් පසුව බවට ඉතිහාසය පෙන්වා දෙයි. ගල් ගුහාව ඉදිරිපස මුහුණතේ තරමක් උසින් කටාරම් කොටා ජල කාන්දුවට ඔරොත්තුදෙන ආකාරයෙන් විධිමත්ව කරවා ගල් ගුහා ගල්ලෙන් බවට පත්වන්නේ සඟ සතු කරවිමෙනි.

      පිළිකුත්තුව ලෙන් සංකීර්ණය යනු ප්‍රාග් ඓතිහාසික යුගයේදී ආදී මානව ජනාවාසයක්ව තිබු භූමියක් බවට පශ්චාත් උපාධි ආයතනය සිදු කෙරු කැණිම් තුලින් හමුවු පොශිල මගින් තහවුරු කරවා ඇත . එවැනි ඉතිහාසයකට අතීතය ගෙනයන පිළිකුත්තුව පුදබිමක් වන්නේ මහින්දාගමනයෙන් පසුවය. ක්‍රි.පූ 3 – 1 කාල සීමාවන් තුලදී පිළිකුත්තුව ගල්ලෙන් සංකීර්ණයක් වශයෙන් ඇරඹි බවට හොදම සාධකයන් වන්නේ දැනට සොයාගෙන ඇති පූර්ව බ්‍රාහ්මි අක්ෂර සහිත ලෙන් ලිපි 4යි. 

    අතීත පුරාවෘතයන්ට අනුව පිළිකුත්තුව ගල්ලෙන් සංකීර්ණයට අයත් ගල්ලෙන් ගණන 99කි. එ්ම ලෙන් 99 පිහිටා ඇති භූමි ප්‍රදේශය ගණනින් අක්කර 250 ක් පමණි. එම ලෙන් 99ය කටාරම් නැති ගල්ගුහා කිහිපයකින්ද කටාරම් සහිත ලෙන් රාශියකින්ද යුක්තය. කටාරම් නැති ගුහා ප්‍රාග් බෞද්ධ යුගයේ මානව ජනාවාස ලෙසටද කටාරම් සහිත ලෙන් සංඝයා වහන්සේලා වැඩ සිටි ලෙන් වශයෙන්ද වන බවට පුරාවිද්‍යා මතයයි. එනමුත් අද වනවිටත් කැණිම් සිදුකර ඇත්තේ කටාරම් කොටා ඇති ලෙන් 2ක් තුල පමණි. 

     ගල්ලෙන් 99ක් ඇතැයි කියවෙන මෙම පුදබිම තුල ඇති ගල්ලෙන් ගණන පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව ගණනය කරවා ඇත්තේ 73ක් ලෙසටය. ඊටත් වඩා ගල්ලෙන් ඇති බව කිව යුතුම වන අතර වර්ථමාන සීමාවන්ට අනුව ගල්ලෙන් 99ක් සොයා ගැනිම නම් කල නොහැක්කකි. සමහර විට එම ලෙන් 99යට කටාරම් නැති ලෙන් තව තියෙන්නට බැරි නැති බව කිව යුතු වන අතර එසෙත් නොමැති නම් අවට සීමාවන් තුල ඇති ලෙන්ද එම ගල්ලෙන් 99ට අයත් විය යුතුය.

පිළිකුත්තුව පුදබිමේ ඇති සුවිශේෂී  ගල්ලෙන් ගැන යමක්….

    මෙහි ඇති ගල්ලෙන් කිහිපයක් විශේෂ නාමයන්ගෙන් හදුන්වනු ලැබ තියෙන්නේ ලෙන්ලිපි වලින්මය. තවද ලෙනෙහි ඇති යම්කිසි විශේෂත්වක් මුල් කරගෙනද ලෙන්වලට නාමයන් පටබැද ඇත්තේ පසුකාලීනවය මෑතක සිටයි. ගල්ලෙන් 4ක පූර්ව බ්‍රාහ්මි අක්ෂර ලෙන් ලිපි 4ක් දක්නට ලැබෙයි. තවත් ලෙන් 2ක වර්ෂයන් හා නූතන අක්ෂර දක්නට වෙයි. තවත් ලෙන් කිහිපයකට ලෙනෙහි ඇති විශේෂත්වයක් මුල් කරගෙන නාමයන් පටබැදි ඇත්තේ කටවහරට අනුව බවද කිව හැකිය.

    1වන ලෙන් ලිපිය සහිත ලෙන…

       මෙහි ඇති අක්ෂර ක්‍රි.පූ 3 – 1 කාලයට අයත් පූර්ව බ්‍රාහ්මි වන අතර පිළිකුත්තුව පුදබිමේ ඇති ප්‍රධාන ලෙන් ලිපිය ඇති ගල්ලෙනයි. පිළිකුත්තුව විහාරයේ ආරම්භය ගැන තොරතුරක් කියවෙන්නේ මෙම ගල්ලෙනෙහි ඇති ලෙන් ලිපියෙනි. මෙම ගල්ලෙන කටවහරට අනුව හදුන්වනු ලබන්නේ සන්නස් ගල්ගේ වශයෙනි.

    2වන ලෙන් ලිපිය සහිත මනොරමෙ ලෙන…
       මෙම ලෙන හදුන්වා ඇත්තේ මනොරමෙ (අලංකාර) නමිනි. ක්‍රි.පු3-1කාලයට අයත් ඉපැරණි බ්‍රාහ්මී අක්ෂර කුඩා ලිපියකින්ම එය මනොරමෙ ලෙන බව සනාථ කරවා ඇත. මහර කලාප අංක 2 පුරාවිද්‍යා කාර්යාලය ඇති ලෙන මනොරමෙ ලෙනයි.

    3වන ලෙන් ලිපිය සහිත දකුණුපස ලෙන

      දඛිණි ලෙන යනුවෙන් ක්‍රි.පූ 3-1 කාලයට අයත් පූර්ව බ්‍රාහ්මි අක්ෂර කුඩා ලිපිය ඇති ගල්ලෙනයි. දකුණු පැත්තේ ලෙන වශයෙන් ලෙන් ලිපියෙන්ම අතීතයේදීම මෙම ගල්ලෙන හදුන්වා ඇත. පිළිකුත්තුව පුදබිමේ කැණිම් කර ඇත්තේ ගල්ලෙන් 2ක පමණි. එයින් එක ලෙනකි දඛිණි ලෙන

    4වන ලෙන් ලිපිය සහිත ගල්ලෙන

     මෙම ලෙන හැදින්වීමට විශේෂ නාමයක් භාවිත නොකරයි. නමුත් ක්‍රි.පූ 3-1 කාලයට අයත් ⁣පූ.බ්‍රා.අක්ෂර ලෙන් ලිපියක් දක්නට ලැබෙන නිසා තවත් සුවිශේෂී ලෙනක් ලෙසට මෙම ගල්ලෙනද හදුන්වා දිය හැකිය. 

     තවත් ඓතිහාසික ගල්ලෙන් දෙකක වර්ෂයන් හා නූතන අක්ෂර කිහිපයක් දක්නට ලැබෙයි… 

  1.  වර්ෂ 1858 ධිඝා
  2. වර්ෂය

     තවත් ඓතිහාසික ගල්ලෙන් ගණනාවක් හදුනාගැනීමට පහසු වීම සඳහා එම ලෙන්වල ඇති ගුණයක් නාමයට යොදා ගෙන ඇති බවක් දැකිය හැකිය.

    1. තොප්පිගල් ගේ = තොප්පිගල් ලෙන යනු තොප්පියක ඇති ඇතුලතට නෙරා ගිය කොටස වාගේ කළු ගලද ඇතුලට නොරා ඇති නිසාය



    1.     2.නයි පෙණ ගල් ගේ =  නාගයෙකුගේ පෙණයක ස්වභාවයක් මෙම ගල්ලෙන දැකිම තුලින් පෙනෙන නිසා නයි පෙණ ගල් ගේ නමින් හදුන්වයි.



    ඓතිහාසික ගල්ලෙන් තුල පසුකාලීනව යම් යම් ඉදි කිරිම් කරවා ඇති නිසා සමහරක් ලෙන් එම ඉඳි කරවීමට අනුව හදුන්වනු ලැබෙයි.

  1.     විහාර ලෙන =  පිළිකුත්තුව විහාරයේ ඇති නුවර යුගයට අයත් ප්‍රධාන පිළිම ගෙය කරවා ඇති ගල්ලෙන විහාර ලෙන වශයෙන් හදුන්වනු ලැබේ……
  2.     චෛත්‍යය ලෙන =  නුවර යුගයට අයත් පිළිකුත්තුව පුදබිමේ ඇති මනලංකෘත චෛත්‍යයරාජයාණන් වහන්සේ ඉඳිකර ඇති ගල්ලෙනයි…..
  3.     දේවාල ලෙන =  උඩ විහාරය හා විෂ්ණු දේවාලය කරවා ඇති ලෙන දේවාල ලෙන වෙයි…..
  4.     නුවර යුගයේ ලෙන් ආවාසය = පිළිකුත්තුව පුදබිමේ ඇති නුවර යුගයට අයත් සංඝාවාසය කරවා ඇති ගල්ලෙන නුවර යුගයේ ලෙන් ආවාසයයි….
  5.    ඕලන්ද යුගයේ ලෙන් ආවාසය = ගල්ලෙන තුල සංඝාවාසයක් කරවා ඇත්තේ ඕලන්ද ආභාෂයෙන් යුක්තවයි. එම සංඝාවාසය සහිත ලෙන ඕලන්ද ලෙන් ආවාසය නමින් හඳුන්ලබයි…..
  6.    සීත ලිඳ ලෙන = ගල්ලෙනක් තුල නුදුරු අතීතයකදී ස්නානය සදහා ලිඳක් කරවා ඇත එම ලෙන සීත ලිඳ ලෙනයි.

          ගල් යුගයේදි මානවයන් ගල්ගුහා සිය වාසස්ථානයන් ලෙසට සකසා ගැනුනි පිළිකුත්තුව භූමිය යනු මානව ජනාවාසයක්ව පැවති ගල්ගුහාවන් රාශියකින් යුතු ස්ථානයකි. බුදු දහම ලක්දිවට පැමිණි පසු මහ රහතුන්ට සෙවණ සැලසු ගල්ලෙන් සංකීර්ණයකි පූණ්‍ය භූමියකි. අදවන විට අති පෞරාණික මූල ඓතිහාසික පුදබිමකි පිළිකුත්තුව ගල්ලෙන් රජමහා විහාරය යනු…

    ගම්පහ දිස්ත්‍රික්කය සමාජ සංස්කෘතික සමික්ෂා ග්‍රන්ථයට ගාමිණී විජේසූරිය මයා වාස්තු විද්‍යාත්මක නිර්මාණ නමින් ලියු ලිපිය

       වාස්තු විද්‍යාත්මක නිර්මාණ අතුරින් මෙරට පැරණි යුගයට අයත් දියුණු වු ග්‍රාමිය මධ්‍යස්ථාන හෝ නගර මධ්‍යස්ථාන අද දක්නට නොලැබේ. එහෙත් අනිවාර්යයෙන්ම කැළණිය වැනි විශාල විහාරාරාම සංකීර්ණ අවට පැරණි ජනාවාස තිබු බවට කිසිම සැකයක් නැත. තවද මාලිගාතැන්න ,  වාරණ , පිළිකුත්තුව වැනි ගල්ගුහා ආශ්‍රිතව තිබු විහාරාරාමවලට සිවුපසය සැපයු ගම්මාන අනිවාර්යයෙන්ම ඒ අවට තිබෙන්නට ඇත. ” ස්වභාවික ගල්ගුහා වාසස්ථාන ලෙස භාවිත කිරිම මිනිසා විසින් ආරම්භ කර ඇත්තේ ප්‍රාග් ඓතිහාසික යුගයේ සිටය. එවැනි ගල්ගුහා තවදුරටත් විධිමත් ලෙස සකසාගෙන විශේෂයෙන්ම ඇතුලට ජලය කාන්දු නොවන සේ ඉදිරිපස මුදුනේ කටාරම් කොටන ලද ගල්ගුහා භාවිතා කිරිම බුදුදහම මෙරට ප්‍රචලිත වීමත් සමග සිදුවු බව අනුමාන කල හැකිය. මෙවැනි ගල්ගුහා ගනනාවක්ම ගම්පහ දිස්ත්‍රික්කයේ වාරණ , මාලිගාතැන්න , පිළිකුත්තුව යන තැන්වල දක්නට ලැබේ. පසු කාලයේදි මේවා තවදුරටත් දියුණු වි ඉදිරිපසින් බිත්ති හා ආලින්ද තනා ලැගුම් ගෙවල් මෙන්ම පිළිම ගෙවල් ලෙසටද පාවිච්චි කිරිමට පටන් ගන්නාලදි. මාලිගාතැන්න , වාරණ සහ පිළිකුත්තුවේ ඇති ලෙන් විහාර විශාල සංඛ්‍යාවක් මෙසේ විකාශනය වීම විශේෂත්වයයි”

    එම ග්‍රන්ථයටම පුරාණ බෞද්ධ වාස්තු නිර්මාණ ලිපිය සැපයු සේනක බණ්ඩාරනායක හා රාජ් සෝමදේවගේ අදහස

    ගම්පහ දිස්ත්‍රික්කයට අයත් භූමි ප්‍රදේශය කැළණි නිම්නයේ පහල කොටසටත් මධ්‍ය කොටසටත් අතර පැතිරෙමින් කැළණි ගංගාවේ උතුරු ඉවුරේ පිහිටා තිබේ.
    ගල්ලෙන්වල ඡායාරූප සදහා ඇතුළු වන්න …. https://m.facebook.com/pilikuththuwa.rajamaha.v/albums/1868783616730735/?refid=17&ref=opera_speed_dial&_ft_=top_level_post_id.1941480579461038%3Atl_objid.1941480579461038%3Apage_id.1420080421601059%3Athid.1420080421601059%3A306061129499414%3A69%3A0%3A1504249199%3A-2503374676359700333&__tn__=C-R&fbt_id=1868783616730735&lul&ref_component=mbasic_photo_permalink_actionbar&_rdr#s_ac4dec18a44e9822af210c2d444350f7

    ලෙන් සංකීර්ණයක්ව පැවති ඓතිහාසික පිළිකුත්තුව පුදබිමේ සංවර්ධිත යුගය නුවර යුගය හා පසු කාලයයි.

             ප්‍රාග් ඓතිහාසික යුගයට නෑකම් කියන ගම්පහ දිසාවේ පිහිටි පුදබිමකි පිළිකුත්තුවේ රජමහා විහාරය. අනුරපුර රාජධානියේ මුල් කාලයේදීම ආගමික ස්ථානයක් වුවද මෙම පුදබිම ඊට කලින් මානව ජනාවාසයක්ව තිබු බවට ඉපැරණි පොශිල හා ගල්ගුහා සාක්ෂි දරණ බව පුරාවිද්‍යාඥයන්ගේ මතයයි.

             ගල්ලෙන් සංකීර්ණයක් වශයෙන් ඇරඹි මෙම පුදබිම අංග සම්පූර්ණ විහාරස්ථනයක් වන්නේ මහ නුවර යුගයේ මුල් කාලයේදීය. ඓතිහාසික කටාරම් කෙටු ගල්ලෙනක් මුල් කරගෙන විහාර මන්දිරය ගොඩනගා ඇත. එම විහාර මන්දිරය ලෙන් විහාර ගණයට අයත්ය. එය නුවර යුගයට අයත් වටිනා උරුමයන් ගණනාවකින් යුතු ප්‍රථිමාඝරයක් වි ඇත. චෛත්‍යය රාජයා පවා නිර්මාණය කර ඇත්තේ නුවර යුගයේදිමය එයද ⁣විශාල ලෙනක් තුල මැටියෙන්ම නිර්මිතය. කුමර කුමරි බෝධි රාජයාණන් වහන්සේලාද ඉපැරණි මහානුභාව සම්පන්න ඇසතු වෘක්ෂයන්ය.

            පිළිකුත්තුව රජමහා විහාරයේ පලමු සංඝාවාසයද නුවරයුගයේදි කරවු බවට නුවර යුගයේ වාස්තුවිද්‍යා සාධකයන්ට අනුව දක්නට ලැබෙයි. එම ආවාසයද ගල්ලෙනක් මුල්කරගෙන පළල් දැව ආදිය භාවිත කරමින් ඊට සමානවම ඝනකමින් යුතු මැටි බිත්ති වලින් යුක්තව නුවර යුගයේ ගෘහ නිර්මාණ ලක්ෂණයන් ප්‍රකට කරවමිනි. නුවර යුගයේදි මුලික අංගයන් හැටියට , විහාරය , චෛත්‍යය , ආවාසය යන විහාරාංග ඉදිවි ඇත…


            එතෙක් ගල්ලෙන් රාශියකින් යුතු අති පෞරාණික ගල්ලෙන් සංකීර්ණයක්ව පැවති මෙම පුදබිම නුවර යුගයේදි අංග සම්පුර්ණවු බව දැකිය හැකිය . බුදුමැදුර , ආවාසය , චෛත්‍යය යන ස්ථානයන් සියල්ලම විශාල ගල්ලෙන් මුල් කරගෙන ඉදිකර ඇත. 

            නුවර යුගයෙන් පසුව ද තවත් විහාරාංග ඉදිවි තවත් සංවර්ධනය වි ඇති අයුරු දක්නට ලැබෙයි. නුවර යුගයේදි කුඩාවට ඉදි කර තිබු මැටියෙන් නිර්මිත සෑරඳුන්ට වහලයක් තිබු බවට කිව හැකි සාධක වෙයි. අඩි 15 පමණ උසට ඉදි කර ඇත්තේ ඊට පසු කාලයකදි බවට එ සාධකය තුලින් කිව හැකිය.  

            නුවර යුගයේ ආවාසයට පසුව ඉදි කරවු ආවාස ගෘහය ඕලන්ද ආභාෂයෙන් කරවා ඇත. කටාරම් ගසා තිබු විශාල ගල්ලෙනක් මුල් කරගෙන මෙම ඕලන්ද ලෙන් ආවාසය කරවා ඇත. ඕලන්ද කැටයම් හා ශිල්පීය ලක්ෂණ මනාව එම ආවාසයෙන් විද්‍යමාන වන නිසා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව එය ඕලන්ද යුගයේ ලෙන් ආවාසය යැයි නම් කර ඇත. 

            

             නුවර යුගයේ ලෙන් ආවාස භූමියත් ඕලන්ද ආභාෂයෙන් යුතු ලෙන් ආවාස භූමියත් දෙක යා කරමින් ඉදිකර ඇති පාලමද නුවර කාලයේ ලක්ෂණ ප්‍රකට කරවයි. එය සම්පූර්ණවම දැවයෙන් ඉදිකර ඇත. දැවයෙන් කරවා ඇති පාලම් අතර පිළිකුත්තුවේ දැව පාලමටද සුවිශේෂී තැනක් හිමි වෙයි.

            

           ඉංග්‍රීසි හා රෝමානු ආභාෂයෙන් යුක්තව තවත් සංඝාවාසයක් ඉදිකර ඇත. එය උඩරට වලව් සම්ප්‍රදාය නියෝජනය කරයි. එයද ශත වර්ෂයකට වඩා ඉපැරණි සංඝාවාසයකි. අනික් ඉපැරණි ආවාසයන් දෙකම ලෙන් ආවාස ක්‍රමයට අනුවද මෙම ආවාසය ලෙන් සම්ප්‍රදායෙන් තොරව ඉදිකර තිබිමද විශේෂිතය. පිළිකුත්තුව විහාරයේ ඇති අළුත්ම සංඝාවාසය වන්නේද මෙම සංඝාවාසයයි.


           කටාරම් කෙටු ලෙනක තවත් බුදුමැදුරක් ශතවර්ෂයකට පමණ ඉහතදි කරවා ඇත. කුඩා බුදුමැදුරක් සිතුවම් කිහිපයකින් යුක්තව හා විෂ්ණු දේවාලය පමණක් දක්නට ලැබෙයි. එය උඩ විහාරය නමින් හදුන්වනු ලබයි.


         මහල් තුනක් දර්ශනය කරවමින් කළුගල් බිමට හා කණු සදහා යොදා ගනිමින් ධර්ම ශාලාවද  අලංකෘතව ඉදිකර ඇත. එයද සියවසකට පමණ කාලයකට උරුමකම් කියනු බව දැක්වෙයි.
        කළුගල් කුලක් මත ඉදිකර ඇති තවත් දර්ශනීය විහාරාංගයකි ඝාණ්ඨාර කුළුණ එයද සියවසකට අඩු අඩ සියවසකට වඩා ඉපැරණි බව කියවෙයි.

          ගල් යුගයේදි ගල් ගුහාවලින් (කටාරම් රහිත) සමලංකෘතවුත් මහින්දාගමනයෙන් පසුව විධිමත් (කටාරමින් යුතු) ගල්ලෙන් සංකීර්ණයක් වශයෙන් පැවති මෙම ඓතිහාසික පුදබිමේ සංවර්ධිතම කාලය මහනුවර යුගය හා පසු කාලය බවට නිදසුන් රාශියක්ම දැකිය හැකිය. නූතනයේදි අංග සම්පූර්ණ විහාරස්ථනයක් යැයි සැලකෙන සියලුම අංගයන් නුවර යුගය හා පසුකාලයට අයත් නිසා සංවර්ධිත යුගය එම කාලය යැයි ප්‍රකාශ කිරිම විද්වතුන්ගේද මතයයි .

    සම්පාදනය …….

    අතුරුවැල්ලේ ධම්මානන්ද හිමි , 

    රජමහා විහාරය , පිළිකුත්තුව 

    ගම්පහ දිසාවට මෙන්ම බස්නාහිර පලාතටම විශාල ඓතිහාසික ගල්ලෙන් රජමහා විහාරයයි පිළිකුත්තුව 

    ක්‍රිස්තු පූර්ව යුගයේ සිට නුවර යුගය දක්වා ඉතිහාසයකින් හා උරුමයන්⁣ගෙන් යුතු පුදබිමකි පිළිකුත්තුව රජමහා විහාරය යනු. මෙහි ඇති ගල්ගුහාවල ගල් යුගයේදි මානව ජනාවාසයක් තිබු බවට සාධක රාශියකි. කැණිම් තුලින් හමු වු සාධක එ සදහා ප්‍රධානය. කාලයාගේ ඇවැමෙන් මානව ජනාවාස දියුණු වු නිසා මිනිසුන් ගල් ගුහා අතහැර තම වාසස්ථාන වෙනස් කරගනනා ලදි….

    ක්‍රි.පු 3වන සියවසේදි ලක්දිව බුදුසසුන මුල්බැස ගන්නා ලදි. එතෙක් කලක් වනගතව තිබු ගල්ගුහා තුලට වතුර කාන්දු නොවන අයුරින් කටාරම් කොටා පැවිදි උතුමන්ට පුජා කලේය. වනගතව තිබු ගල්ගුහා කටාරම් කොටවා ගල්ලෙන් වශයෙන් පෙර රජවරු බුද්ධ ශාසනයට පුජා කල අයුරු ලක්දිව පූරාවටම ඇති ගල්ලෙන් දැකිමෙන් සිතිය හැකිය. එසේ පූජා කෙරු එක ගල්ලෙන් සංකීර්ණයකි පිළිකුත්තුව ගල්ලෙන් රජමහා විහාරය.

    අක්කර 250 පමණ භුමියක මනාව පිලිසකර කෙරු ගල්ලෙන් 99 ක් ඇති ඓතිහාසික පුදබිමකි පිළිකුත්තුව ගල්ලෙන් රජමහා විහාරය. කටාරම් රහිත ලෙන් කිහිපයකින්ද කටාරම් කෙටු ලෙන් රාශියක් වශයෙන් එම ලෙන් වර්ග කර ඇත. බස්නාහිර පලාත තුල ගල්ලෙන් 99කට වඩා උරුමකම් කියන තවත් ලෙන් සංකීර්ණයන් නොමැති බැවින් මෙම පුදබිම බස්නාහිර පලාතේ පිහිටි විශාලම ගල්ලෙන් රජමහා විහාරය වශයෙන්ද ඉතිහාසගතය.

    ප්‍රාග් ඓතිහාසික මානව පොශිල හා ගල් ආයුධ මෙවලම් ආදීය හමු වූ ස්ථානයක් ලෙසටද පිළිකුත්තුව විහාර පරිශ්‍රය ඉතිහාසයගතය. එසේම ක්‍රි.පූ 3-1 කාලයට අයත් සෙල්ලිපි 4ක් මේ වනවිට ගල්ලෙන් 99ක් ඇතැයි සැලකෙන මෙම පුදබිමේ ගල්ලෙන් 4කින් ප්‍රකාශයට පත් කර ඇත. එම සාධකයන් තුලින් මෙම පුදබිමේ ඉතිහාසය මනාව පිලිඹිබු කරන බව පුරාවිද්‍යාඥයන්ගේ මතයයි.

    යුග ගනනාවක් ලෙන් සංකීර්ණයක් වශයෙන් පැවති මෙම උරුමය නුවර යුගයේදි වඩාත් සංවර්ධනයට ලක්ව අංග සම්පුර්ණ වනගත ආරාමයක් ලෙසින් දියුණු වු බව දැකිය හැකිය. සුවිශේෂී සිතුවම් කලාවකින් යුතු ප්‍රථිමාඝරය ද ලෝක උරුමයන් සේ ගැනෙන පුස් නම් වැල හා දුර්ලභ ශාකයන්ද ඓතිහාසික කුමර කුමරි බෝධින් වහන්සේලාද ලෙන තුල කරවා ඇති මැටි චෛත්‍යයද දෝලාව , දැව පාලම ආදි උරුමයන් රාශියකින් යුතු පෞඩ පුදබිමකි පිළිකුත්තුව රජමහා විහාරය නම්…….

    අතුරුවැල්ලේ ධම්මානන්ද හිමි , රජමහා විහාරය , පිළිකුත්තුව